අන්තර්ජාලය හරහා ලක්ෂ ගණනින් මුදල් වංචාකර කණ්ඩායමක් අත්අඩංගුවට

අන්තර්ජාලය හරහා සිදුකර ඇති ගනුදෙනුවකදී රුපියල් 17 ලක්ෂ 45,000ක මුදලක් වංචා කළ සංවිධානාත්මක කණ්ඩායමක් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (23) පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත ලැබී තිබූ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී අත්අඩංගුවටගෙන ඇත.

යම් ත්‍යාගයක් ලැබී ඇති බව පවසමින් ඒ සඳහා මෙම මුදල තැන්පත්කරන ලෙස පවසා අදාළ වංචාව සිදුකර ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති.

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඒ සම්බන්ධව සිදුකරන විමර්ශනවලදී විවිධ සිම් කාඩ්පත් භාවිත කරමින් සංවිධානාත්මක කල්ලියක් මෙහෙයවන මෙම වංචාව පිළිබඳව අනාවරණය වී තිබුණි.

ඒ අනුව නයිජීරියානු ජාතිකයින් 4 දෙනෙක් කාන්තාවන් දෙදෙනෙක් සහ ශ්‍රී ලාංකික යුවලක් ඇතුළු 8 දෙනෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ගෙන ඇතිබව වාර්ථාවේ.

මේ සම්බන්ධ විමර්ශනවලදී, නයිජීරියානු ජාතිකයින් නතරවී සිටි ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක තිබී පරිගණක දෙකක් විවිධ රටවල භාවිත කරන දුරකථන සිම් කාඩ් 79ක්, ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට යොදාගන්නා කඩදාසි රැසක් සහ තවත් භාණ්ඩ කිහිපයක් සොයාගෙන ඇති බව වාර්ථාවේ.

Related posts

Leave a Comment