කාන්තාවකගෙන් සෙරෙප්පුවෙන් පහරකෑ ඇමැතිවරයා – හරීන් හෙළි කරයි

රාජ්‍ය ඇමතිවරයෙක් ඒකල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සෙරෙප්පුවෙන් පහර කෑමකට ලක් වී ඇතැයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

කාන්තාවකගෙන් සෙරෙප්පුවෙන් පහරකෑ එම ඇමැතිවරයා කවුදැයි සොයා බැලිය යුතු බවද ඔහු සඳහන් කරයි.

ඔහු මේ අදහස් පළ කරන ලද්දේ පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සමඟ වූ විවාදාත්මක අවස්ථාවකදීය.

හරීන් ප්‍රනාන්දු මහතාගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් කතානායක වරයා සඳහන් කළේ එවන් ප්‍රකාශ පාර්ලිමේන්තු ට අදාල නැති බවයි.

Related posts

Leave a Comment