ධම්මිකගේ “ස්වර්ණමය පාරාදීසය වැඩසටහන” සතියක් තුළ ක්‍රියාවට නඟන්නැයි ජනපතිගෙන් උපදෙස්!

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා සිටින විදේශ විනිමය අර්බුදයෙන් ගොඩගැනීම උදෙසා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් රජයට ඉදිරිපත් කරන ලද “ස්වර්ණමය පාරාදීසය වැඩසටහන”ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ. ඒ අනුව සතියක් ඇතුළත මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇති බව සඳහන්. විදේශියකයින්ට මෙරට නේවාසික බලපත්‍ර ලබාදීමට අදාළව මෙම යෝජනාව සකස් කර ඇති අතර මෙම වැඩසටහන ඔස්සේ නේවාසිකභාවය ලබාගැනීමට අපේක්ෂා කරන විදේශිකයකු මුලින්ම මෙරට බැංකු ගිණුමක් ආරම්භ කර ඇමරිකානු ඩොලර් 100,000 ක මුදලක් එහි තැන්පත්…

Read More

දිනකට පෙර දැන හඳුනා ගත් සුරූපි කත කෝටිපති ව්‍යාපාරිකයාව කොල්ල කෑ හැටි!

කෝටිපති ව්‍යාපාරිකයකු ඉංගිරියෙ හෝටලයකට රැගෙන විත් මත් දියරයක් ලබා දී සිහිසුන් කර ඔහු සතුව තිබූ රන් ආභරණ සොරාගෙන ව්‍යාපාරිකයාගේ සුඛෝපභෝගී ජීප් රථයෙන් පලාගොස් එය අතරමග දමා ගිය සුරූපී කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව ඉංගිරිය පොලිසිය පවසනවා. සුඛෝපභෝගී මෝටර් රථයකින් කාන්තාවක් සමඟ පැමිණි පුද්ගලයෙකු කාමරයේ ඇඳක් මත සිහිසුන්ව වැතිරී සිටින බවට ඉංගිරිය පාදුක්ක මාර්ගයේ හෝටලයක කළමනාකරුගෙන් ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද දුරකථන ඇමතුමක් අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම හෝටලය කරා ගොස් එම පුද්ගලයාව රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබිණි. පසුව එම හෝටලයේ කළමනාකරු සහ සේවකයන්ගේ සිදු කළ ප්‍රශ්න…

Read More

අවසන් මොහොතේදී භානුක ඉන්දීය සංචාරයෙන් විසි වුණේ ඇයි?

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය සඳහා වන ක්‍රීඩකයන් 18දෙනෙකුගෙන් යුත් ක්‍රිකට් සංචිතයට කැඳවා තිබුණු ශ්‍රී ලංකාවේ පන්දු වාර 20 ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ අවසන් මොහොතේ සංචිතයෙන් ඉවත් කිරීමට හේතු වූයේ කිලෝමීටර 02 ධාවනය සාර්ථකව නිම කළද ‘ස්කින්ෆෝල්ඩ්’ පරීක්ෂණය අසමත් වීම හේතුවෙනි. භානුක මීට පෙරද ‘ස්කින්ෆෝල්ඩ්’ පරීක්ෂණය අසමත් වී තිබුණු අතර, පසුව ඔහුව සංචිතයෙන්ද ඉවත් කර තිබුණි. කෙසේ වෙතත් අනතුරුව ඔහු ජාත්‍යන්තර පිටියට සමුදුන් අතර, ක්‍රීඩා අමාත්‍යවරයා සමග කළ සාකච්ඡාවකින් අනතුරුව ඔහු ඔහුගේ සමුගැනීම ඉවත් කර ගනිමින්, නැවතත් ජාත්‍යන්තර පිටියට පිවිසියේය. කෙසේ වෙතත් ක්‍රීඩකයින් සපුරාලිය යුතු ශාරීරික යෝග්‍යතා මට්ටම් සම්බන්ධයෙන්…

Read More

“යුක්රේනයේ ඉලක්ක කළ යුතු පුද්ගලයින්ගේ ලැයිස්තුව රුසියාව සකස් කර අවසන්”

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව එහිදී තමන් ඉලක්ක කළ යුතු පුද්ගලයින් කවරේදැයි යන්න සම්බ්න්ධයෙන් ලැයිස්තු ගත කර තිබෙන බවට අමෙරිකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ලිපියක් මාර්ගයෙන් දැනුම් දී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැච්ලට් වෙත ලිපියක් යොමු කරමින් අමෙරිකාව සඳහන් කර සිටින්නේ යම් අයුරකින් රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කළහොත් ඇතිවිය හැකි මානව හිමිකම් උල්ලංඝණ වීමේ සිදුවීම් ගණන උපකල්පනය කර නොහැකි බවයි. යුක්රේනයේ වෙසෙන සුළු ජාතින්, දුෂණ විරෝධී සංවීධාන ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ සමලිංගිකයින්ව රුසියාව විසින් ඉලක්ක කරනු ඇති බවයි එම ලිපියෙන් වැඩිදුරටත් කරුණු අවධාරණය කර…

Read More

ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ විභාගයක්!

පවතින ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2281ක් සඳහා කඩිනමින් බඳවා ගැනීම් සිදු කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එච්. එම්. චිත්‍රානන්ද මාධ්‍ය වෙත පැවැසීය. රට පුරා ග්‍රාමසේවා වසම් 14022ක් පවතින බව පැවැසූ ලේකම්වරයා පුරප්පාඩු පවතින වසම් සඳහා නව බඳවා ගැනීම් කරන බව කීවේය. පුරප්පාඩුවලට සුදුස්සන් බඳවා ගැනීම සඳහා වන තරග විභාගයට මේ වන විට අයැදුම්පත් කැඳවා අවසන් බවත්, ලබන ජූලි මාසයේදී විභාග දෙපාර්තමේන්තුව අදාළ විභාග පවත්වන බවත් හෙතෙම කියා සිටියේය.

Read More

මෛත්‍රී උතුරේදී විජයකලා හමුවෙයි! (PHOTOS)

හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උතුරේ සංචාරය අතරතුර එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී විජයකලා මහේෂ්වරන් මහත්මිය හමුවීමට ගොස් සුහද සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී ඔවුන් විජයකලා මහේෂ්වරන් මහත්මියගේ නිවසේ පැවති භෝජන සංග්‍රහයකට ද සහභාගී වී ඇත. මෙම අවස්ථාවට ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා සහ කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය ද එක්ව සිටියහ. විජකලා මහේෂ්වරන් මහත්මිය පසුගිය යහපාලන රජය සමයේ ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ අතර පහුගිය මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ නමුත් ආසනයක් දිනාගැනීමට සමත් වූයේ නැත.

Read More

අපනයන ඉතිහාසය උඩු යටිකුරු කරමින් ධීවර ක්ෂේත්‍රය තැබූ අලුත්ම වාර්තාව!

2021 වර්ෂය ශ්‍රී ලංකා ධීවර ක්ෂේත්‍රයට අභියෝගාත්මකම වසරක් මෙන්ම වාර්තාවන් කිහිපයක්ද සනිහිටුවන් කල වසරක් බවට පත් වන ලදි. පසුගිය වර්ෂයේ ශ්‍රී ලංකා ධීවර ක්ෂේත්‍රය මුහුණ දුන් අභියෝග අතර පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය කේන්ද්‍ර වූ කොවිඩ් පොකුර, පෑලියගොඩ ඇතුළු විවිද වරායන් සහ වෙළඳ පොළවල් සෞඛ්‍ය අංශ විසින් තාවකාලිකව වසා දැමීම, විවිද අවස්ථාවල සෞඛ්‍යමය හේතු මත පැනවූ සංචරණ සීමා, විදේශ වෙළඳපොළවල් වසා තිබීම, නැව් බහාලුම් සහ ගුවන් බහාලුම් ගාස්තු තුන් ගුණයකින් වැඩි වීම, XPressPearl නෞකාවේ ගින්නෙන් ඇතිවූ ආපදාව සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති වූ ගංවතුර තත්වය මූලික වන ලදි. එනමුත් ධීවර ක්ෂේත්‍රයේ…

Read More

යළිත් රට වැසෙයි? – විශේෂඥයින් අනතුරු අඟවයි !

ඔමික්‍රෝන් ප්‍රභේදයට ඉදිරි සති කීපය ඇතුළත දී විශාල පිරිසක් ආසාදනය කිරීමට හැකි බවට විශේෂඥයින් විසින් අනතුරු අඟවා ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ශ්‍රී ලංකාව තුළ ඉතා ඉක්මනින් පැතිරීගෙන ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ආරක්ෂාවීම සඳහා හැකි ඉක්මනින් බූස්ටර් එන්නත ලබා ගන්න ලෙස ඔවුන් සඳහන් කරයි. ප්‍රතිශක්තිකරණයේ තවත් ඉදිරි පියවරකට යා යුතු බව අලුත්ම විද්‍යාත්මක පර්යේෂණයක් මඟිනුත් තහවුරු වී ඇති බැවින් එන්ත නොගත් පිරිස වහාම එන්නත ලබා ගැනීම සඳහා කටයුතු කළ යුතු බව ඔවුන් පවසයි. ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් හොඳ ආරක්ෂාවකට බූස්ටර් මාත්‍රාව අත්‍යවශ්‍යයි යනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කර ඇත. එම…

Read More

කාර්යාල වේලාවන් වෙනස් කරන්න යෝජනාවක් !

ඉන්ධන සහ විදුලි අර්බුදයට විසදුම් වශයෙන් උදය ගම්මන්පිල පෙරේදා (23) පැවති කැබිනට් මණ්ඩලයට යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වාදීම, රථ වාහන තදබදය අවම කිරීම සඳහා කාර්යාලීය වේලාවන් සංශෝධනය කිරීම, රාජ්‍ය ආයතනවල පැවැත්වෙන සාකච්ඡා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීම ඇතුළු කරුණු රැසක් එහිදී අමාත්‍යවරයා විසින් යෝජනා කර ඇත. අමාත්‍යවරයා විසින්  ඉදිරිපත් කළ මෙම යෝජනාවලිය සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතත් අවසන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි.

Read More

වැක්සින් තුනම ගත්ත අය හඳුනා ගන්නා අලුත් ක්‍රමය !

ජංගම දුරකතන යෙදවුමක් හරහා පූර්ණ එන්නත්කරණයට ලක්වූ පිරිස හඳුනාගැනීමට වැඩපිළිවෙලක් හඳුන්වාදීමට රජය සැරසෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. මෙම ජංගම දුරකතන යෙදවුම සකස්කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර මේ වනවිට ගෙන ඇති බවත්, ඉදිරියේදී කොවිඩ් එන්නත් මාත්‍රා 3ම ලබා ගත් අය පමණක් පූර්ණ එන්නත්කරණය ලැබූවන් ලෙස සලකන බවත් හෙතෙම පැවසීය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය. “ෆුලි වැක්සින් කියලා මීට පස්සේ නිර්වචනය කරන්නේ වැක්සින් 3ම ගත්ත අයට. ඒ අය ප්‍රසිද්ධ ස්ථානවලට යෑමෙන් වැළකීමේ හැකියාවක් අපට තියෙනවා. ඒ වෙනුවෙන් ඇප් එකකුත්, QR කොඩ් එකකුත් හදන්න දැනට අපි තාක්ෂණික අමාත්‍යාංශයේ…

Read More