ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ ඉහළ පෙළේ ඉන්දීය ආර්ථික දූත පිරිස අප්‍රේල් 18දා වොෂිංටනයේ IMF මූලස්ථානයේදී මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා ප්රමුඛ දූත පිරිස හමුවී තිබේ. සීතාරාමන් මහත්මිය ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබාදීම පිළිබඳව අමාත්‍ය අලි සබ්රි මහතා වෙත සහතික වී ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි. එමෙන්ම, විශේෂයෙන්ම විස්තීරණ අරමුදල් පහසුකමක් කඩිනම් කිරීම සඳහා කරන ලද විශේෂ ඉල්ලීම මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව කරන සාකච්ඡා සඳහා ඉන්දියාව පූර්ණ සහාය ලබාදෙන බවද ඇය සඳහන් කළ බව මුදල් අමාත්‍යාංශය කියයි. අද (19දා) තවත් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට තවදුරටත්…
Read MoreCategory: News
අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශය!
රටේ ජනතාව දුෂ්කරතා රැසකට මුහුණදී සිටින බව අප පිළිගත යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මහින්ද රාජපක්ෂ මහතා අද(19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව පැවසීය. එහිදී ඔහු පැවසුවේ ආණ්ඩුවක් කැමැත්තෙන් සිය රටේ ජනතාව දුෂ්කරතාවයට පත්නොකරන බවය. ඒ අනුව පවතින ගැටලු සඳහා සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවිය යුතු බව ඔහු පැවසීය.අගමැතිවරයාගේ විශේෂ ප්‍රකාශය මෙසේයි. “දේශපාලනික වශයෙන් බොරදියේ මාළු බාන්න මෙය අවස්ථාව නොවෙයි කියලයි මා අදහස් කරන්නේ. අපි හැමදෙනා ගැනම ඔවුන් බලා සිටිනවා. කවුද අවංකව රටට ආදරය කරන්නේ කියලයි ඔවුන් බලාගෙන ඉන්නේ. ඒ නිසා රජයක් ලෙස අපට තියෙන වගකීමෙන් මිදෙන්න…
Read Moreපාස්කු දින ප්‍රහාරයට සම්පූර්ණ වගකිවයුත්තා නිලන්ත ජයවර්ධන!
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කල් තියා ලැබුණු තොරතුරුවලට අනුව නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන වගකිව යුතු බව ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා කියා සිටියා. පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට පැවති මාධ්‍ය හමුවකදී ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා මෙම අදහස් දක්වා සිටියා. මෙම මාධ්‍ය හමුවට ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා ද සහභාගී වී සිටියා.
Read Moreඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව රට පුරා විරෝධතා!
ඉන්ධන මිල යළි ඉහළ දැමීමට ගෙන ඇති තීරණයට එරෙහිව දිවයින පුරා මේ වන විට විරෝධතා පැවැත්වෙනවා. බොහෝ ප්‍රදේශවල පුද්ගලික බස් රථ හිමියන් බස් ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබූ බවයි වාර්තා වන්නේ.
Read Moreප්‍රීමා තිරිගු පිටි 40 කින් වැඩි වෙයි!
ප්‍රීමා තිරිගු පිටි කිලෝවක මිල අද (19) දින සිට රු 40 කින් ඉහල දැමු බව එම සමාගම විසින් දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත. ඒ අනුව අලෙවි නියෝජිතයන්ට අවශ්‍ය තිරිගු පිටි තොග ලබා ගැනිමේදි සැම කිලෝවකටම රු 40 ක් වැඩි කර සමාගම වෙත මුදල් බැර කරන ලෙස සමාගම විසින් අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත. නව මිල වැඩි කිරිමත් සමග තිරිගු පිටි කිලෝවක උපරිම සිල්ලර මිල රු 240 සිට රු 250 දක්වා ඉහල යන බව අලෙවි නියෝජිතයන් පවසයි. එයට සමගාමිව ග්‍රෑම් 450 පාන් ගෙඩියක් රු 20 කින් සහ…
Read Moreඅලුත් මුදල් ඇමැති වොෂින්ටන්වලදී IMF ලොක්කා හමුවෙයි!
මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා අද දිනයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජියාවා හමුවී සාකච්ජා පැවැත්වීමට පියවර ගෙන ඇත. ඒ, වොෂින්ටන් නුවරදී පැවැත්වෙන එම අරමුදලේ ස්ප්‍රින්ග් සැසිවාරය අතරතුරදීය. එහිදී ණය කල් දැමීම , දිගුකාලීන විසඳුම් සහ ආර්ථික සැලසුම් පිලිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
Read Moreඇමැති වෙච්ච හැටියෙ ජයසුමන මුඛ ආවරණ ගලවයි!
කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම සදහා පනවා තිබූ මුව ආවරණ අනිවාර්ය කිරීමේ නීතිය ලිහිල් කිරීමට නව සෞඛ්‍ය අමාත්‍ය ඡන්න ජයසුමන මහතා පියවර ගෙන ඇත. ඒ අනුව තවදුරටත් ඉදිරියේදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන්නේ පොදු ප්‍රවාහන සේවාවලදී හා සංවෘත ශාලා තුළ පැවැත්වෙන සාද, සම්මන්ත්රණ ආදියේ දී පමණි. සෞඛ්‍ය අමාත්‍ය ඡන්න ජයසුමන මහතා පවසන්නේ මෙම නීතිය වහාම ක්‍රියාත්මක වනු ඇති බවයි. ඇමැතිවරයා වශයෙන් පත්වීමෙන් පසු ජයසුමන මහතා ගත් පළමු තීන්දුව මෙය වේ.
Read Moreස්වාධීන වුණා කියපු සුරේන් රාඝවනුත් ශාන්ත බණ්ඩාර ගිය පාරෙම යයි!
ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ සුරේන් රාඝවන් මහතාද අද දිනයේ යළි ආණ්ඩුව සමග එක්ව රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබා ගත්තේය. මීට පෙර ශ්‍රීලනිප මන්ත්‍රීවරයකු වූ ශාන්ත බණ්ඩාර මහතාද රාජ්‍ය අමාත්‍ය ධූරයක් දිව්රුම් දීමට පියවර ගෙන තිබිණ.
Read Moreඅලුත් ඇමති මණ්ඩලය පත්කරමින් ජනාධිපති දුන්නු උපදෙස! [VIDEO]
නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (18) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. 01. දිනේෂ් ගුණවර්ධන මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හාපළාත් පාලන02. ඩග්ලස් දේවානන්දා මහතා – ධීවර අමාත්‍ය03. රමේෂ් පතිරණ මහතා – අධ්‍යාපන, වැවිලි කර්මාන්ත04. ප්‍රසන්න රණතුංග මහතා – මහජන ආරක්ෂක, සංචාරක05. දිලුම් අමුණුගම මහතා – ප්‍රවාහන, කර්මාන්ත06. කණක හේරත් මහතා – මහාමාර්ග07. විදුර වික්‍රමනායක මහතා – කම්කරු08. ජානක වක්කුඹුර මහතා – කෘෂිකර්ම, වාරිමාර්ග09. ෂෙහාන් සේමසිංහ මහතා – වෙළෙඳ, සමෘද්ධි සංවර්ධන10. මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා – ජල සම්පාදන11.…
Read Moreපාස්කුවෙන් පස්සේ අවුරුදු 3ක් ඇත්තටම මොකද වුනේ?
මේ වනවිට රටේ උණුසුම් මාතෘකාව ගෝල්ෆේස් ෆන්ඝෝෂණය වුවත් නුදුරේදීම ඒ හරහා පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කරනු කියා මාතෘකාවක් එලියට බැසීමට නියමිතය. සමහරු නොදන්නවා උනාට නිර්පාක්ෂික සුවාධීන අරගලය කියාගෙන කරලියට හා වැඩපිළිවෙල පසුපස සිටින්නේ කතෝලික ප්‍රජාව උසි ගන්වමින් දේශපාලනය කරන කපටි හිවලුන් පිරිසක් බව තිරය පිටුපස කතාව දන්නා අයට රහසක් නොවේ. අරගලයට පුර්ණ දායකත්වය පල්ලි හරහා ලැබෙද්දී කතෝලිකයින් හා මුස්ලිම් ප්‍රජාව එයට සිය උපරිම සප් එක දෙමින් ඉතා අලංකාරව තිර පිටපතට අනුවම නාටකය ලියවෙමින් තිබෙද්දී පාස්කු ප්‍රහාර විමර්ශන වලට පසුගිය වසර 3ක කාලයේදී ඇත්තටම වෙච්ච දේ ගැන සොයා බැලීමේදී හෙළිවන තිත්ත…
Read More