ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන මහතා පත්කර තිබේ. අදාළ පත්වීම් ලිපි අද (07) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම නිලධාරීන් වෙත භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. මූල්‍ය ක්ෂේත්රයේ හසළ අත්දැකීමක් ඇති ආචාර්ය වීරසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්යක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්යක්ෂ, සහකාර අධිපති සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති යන ධුර හොබවා තිබේ. නන්දලාල් වීරසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා පශ්චාත් උපාධිය සඳහා බාහිර කථිකාචාර්යවරයෙකු සහ මැලේසියාවේ සියසන් මධ්‍යස්ථානයේ බාහිර…
Read MoreCategory: Uncategorized
අපේ කුරුඳුවලට යුරෝපා කොමිසමෙන් ඉහලම සහතිකයක්!
ශ්‍රී ලංකා කුරුඳුවලට යුරෝපා කොමිසම මඟින් භූගෝලීය දර්ශක (GI) සහතිකය පෙරේදා (02) පිරිනමා තිබේ. යුරෝපා කොමිසම ශ්‍රී ලංකා කුරුඳුවලට මෙම සහතිකය දී ඇත්තේ පළමු වතාවට වන අතර මෙරට කුරුඳුවල ඉහළ ගුණාත්මකභාවය සැලකිල්ලට ගෙන යුරෝපා වෙළෙඳපොළේ ඇති අනෙකුත් ගුණාත්මකභාවයෙන් අඩු කුරුඳුවලින් වෙන් කර හඳුනාගැනීම සඳහා මෙම දර්ශකය (GI) පිරිනමා තිබේ. දශකයකට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් රාජ්‍ය සහ පෞද්ගලික පාර්ශ්වකරුවන් රැසකගේ සහාය සහ දැඩි උත්සාහයෙන් මෙම තත්ත්වය හිමි කර ගැනීමට හැකි වූ බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
Read More“ජනවාරියේ ණය වාරිකය ගෙවීමට සුදානම්”
පැහැර හැරීමකින් තොරව සියලු ණය ගෙවා දැමීමට රජය කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. විපක්ෂය අනවශ්‍ය බියක් ඇති කිරීමට උත්සාහ කළද රජය මෙම වසරේදීත් ඩොලර් බිලියන 06කට ආසන්න ණය ගෙවා දැමු බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
Read Moreහදිසියේ කැඳවූ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් ජනපති සිංගප්පූරුවේ ඉඳන්ම නවත්වන්න කියලා!
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගිය අගහරුවාදා දින කැඳවා ඇති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපතිවරයා විසින් අවලංගු කොට ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ආණ්ඩු පක්ෂයේ සභානායක කාර්යාලයේ නිලධාරීන් විසින් කැඳවා ඇති බව දැනගන්නට ඇත. ඒ සදහා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් උපදෙස් ලැබී ඇති බවද වාර්තා වේ. ඒ අනුව සභානායක කාර්යාලයෙන් මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට අදාළ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සදහා ආරාධනා කිරීමට පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත. නමුත් මෙම හදිසි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පිළිබදව සිංගප්පූරුවේ සිටින ජනාධිපතිවරයාටද දැනගන්නට ලැබී…
Read Moreරටේ බොරතෙල් දවස් 26 කටයි – ගම්මන්පිල කියයි!
රට තුළ මේ වන විට ඇති බොරතෙල් සංචිත දින 26 කට ප්‍රමාණවත් බව විෂය භාර අමාත්‍ය උයද ගම්මන්පිල අද ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ ඉන්ධන ලබාදීමට සැපයුම්කරුවන් ඇතත් ඩොලර් ප්‍රශ්ණය ඊට හරස්වී ඇති බවයි. ඒ අනුව ඩොලර්වලට නොව රුපියල්වලට ඉන්ධන ලබාදෙන සැපයුම්කරුවන් හා දීර්ඝ කාලීන ගිවිසුම්ගත වීමට කැමති සැපයුම්කරුවන් සොයාගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා පැවසුවා.
Read Moreෆේස්බුක් සහ ට්විටර් ජාලයන්ට අභියෝග කිරීමට ට්‍රම්ප්ගෙන් TRUTH Social.
අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව සමාජ මාධ්‍ය ජාලයක් අරඹන බව පවසයි. එය “TRUTH Social” ලෙස නම්කර තිබේ. ඔහු පවසන්නේ සුවිසල් තාක්ෂණික සමාගම් වල කුරිරුකම් වලට එරෙහිව නැගී සිටීම සඳහා එම සමාජ මාධ්‍ය ජාලය නිර්මාණය කරන බවය. බොහෝ සමාජ මාධ්‍ය ජාල අමෙරිකාවේ විරුද්ධ මත යටපත් කිරීමට කටයුතු කරන බව ට්‍රම්ප් පැවසීය. කැපිටෝල් ගොඩනැගිල්ල පසුගිය ජනවාරි මාසයේදී ට්‍රම්ප් ගේ ආධාරකරුවන් විසින් බලෙන් ඇතුළුවීමෙන් අනතුරුව ට්‍රම්ප්ගේ ගිණුම් අත්හිටුවීමට ට්විටර් සහ ෆේස්බුක් ක්‍රියා කළේය. ඊට ප්‍රතිචාර වශයෙන් ට්‍රම්ප් සහ ඔහුගේ උපදේශකයින් පැවසුවේ ඔවුන් ද සමාජ මාධ්‍ය ජාලයක් නිර්මාණය කරන බවය.
Read More“ලෝක මිල ශීඝ්‍රයෙන් ඉහළට” – තෙල් සංස්ථාවේ මේ මාසයේ පාඩුව කෝටි 1,000 පනී!
* දෙසැම්බරයට පෙර බොරතෙල් බැරලය ඩොලර් 100ට යයි* සංස්ථාව රාජ්‍ය බැංකුවලට කෝටි 3,600ක් ණයයි මිල වැඩි වීමක් ඕනෑ– සභාපති සුමිත් කියයි ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යෑම නිසා මේ මාසයේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලබන පාඩුව කෝටි 1,000 ඉක්මවා යනු ඇතැයි සංස්ථාව ගණන් බලා තිබේ. නමුත් ලෝකයේ තෙල් මිල ඉහළ යෑමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගණන් ඉහළ නොදමා ජනතාවට තවදුරටටත් ඉන්ධන මිල සහනය දීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි තෙල් සංස්ථාව කියා සිටී. කොවිඩ් වසංගතය නිසා මේ වසර අවසන් වන්නට පෙර බොරතෙල් බැරලයක මිල ඩොලර් සියය ඉක්මවා යනු ඇතැයි…
Read Moreවී ගොවීන් සඳහා කාබනික පොහොර බෙදාදීම හෙට සිට!
මෙවර මහ කන්නයේ වී ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදාහැරීමේ වැඩපිළිවෙල හෙට සිට (13) අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණයකර තිබේ. ඊට සමගාමීව සෙසු දිස්ත්‍රික්කවලද පොහොර බෙදාහැරීම ඒ අනුව සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. කාබනික පොහොර බෙදාහැරීමේ දී අම්පාර, අනුරාධපුරය, පොළොන්නරුව, මොනරාගල, ත්‍රිකුණාමලය, මඩකලපුව, කුරුණෑගල, හම්බන්තොට හා පුත්තලම යන වී වගාව බහුලව සිදුකරන දිස්ත්‍රික්ක සඳහා ප්‍රමුඛතාව ලබාදීමට තීරණය කර ඇති බවද එහි සඳහන් වේ.
Read More“විපක්ෂ නායකයා කුඹුරක් මැද්දේ” – අද නාන ගමන් එදා ලිස්සුව හැටි කියයි!
ගොවියා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අනිවාර්යයෙන්ම පාරට බසින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු ඒ බව සඳහන් කළේ ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳ විමසන “ගොවි හදගැස්ම” වැඩසටහනේ දෙවැනි පියවර ලෙස ලුණුගම්වෙහෙර වම්ඉවුර ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදීය. එම අවස්ථාවේදී පැවැති අධික වර්ෂාව මධ්‍යයේ වුවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් ප්‍රකාශ කළේය. “ගොවියට නිර්මාණය වෙලා තියෙන මේ අඳුරු තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක වෙන්න අපි ඉඩ තියන්නේ නෑ. අපි අනිවාර්යයෙන්ම ගොවියා වෙනුවෙන් පෙනී සිටිනවා. ලක්ෂ ගණනින් ගොවීන් එකතු කරගෙන අපි සටන් වදිනවා.” එම ප්‍රදේශයේ ගොවි ජනතාව සමග දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගත් විපක්ෂ නායක…
Read Moreලොව විශාලතම බහලුම් නෞකාව හෙට කොළඹට!
ලොව විශාලතම බහලුම් නෞකාව වන EVER ACE නෞකාව හෙට (ඔක්. 5) කොළඹ වරායට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කළේ, කොළඹ වරාය ඇතුළු ලෝකයේ ම වරායවල් 24කට පමණක් ඇතුළු විය හැකි මෙම නෞකාව කොළඹ වරායට ඇතුළු වීම ශ්‍රී ලංකා වෙළෙඳ නාවික ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් බවය. EVER ACE නෞකාව, කොළඹ වරාය වෙත පිවිසෙන මංගල ගමන ද මෙය බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කළේය. ලොව විශාලතම බහලුම් නෞකාව වන EVER ACE නෞකාවේ දිගට මීටර් 400ක් වන අතර එහි පළල මීටර් 61.5කි. එය බහාලුම් 23,992ක ධාරිතාවකින් සමන්විතය.
Read More