ගෝඨාභයට දේශපාලනය තේරෙන්නෙ නැහැ!

1. බලයට පත් වුන ගමන් ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය 2400 සිට 300 ට අඩු කළා.දේශපාලනය තේරෙන හිටපු ජනාධිපති සිරිසේන 2400 ක් තමන් ලග තියා ගත්තේ ඒ හරහා දේශපාලනය කරන්න . හැම ආසනයකම තමන්ගෙ හිතවතුන් දෙතුන් දෙනෙක් තමන්ගෙ වැඩපිළිවෙළ , නම ඉහළට එසවීමයි එහි අරමුණ .ඒ නියෝජිතයන්ට මාසික වැටුපක් , වාහනයක් දුන්නෙ ඒකට. ගෝඨාභයට ඒ දේශපාලනය නොතේරෙන බව පැහැදිලියි.ඒකනෙ 2400 ක පිරිස 300 ට අඩු කළේ. 2. වෙනද ජනාධිපති පාරෙ යන විට වාහන 10ක් වත් යනව. පාරවල් වහනව.හැබැයි ගෝඨාභය ඒක වාහන තුනකට සීමා කළා, පාරවල් වැසීම නතර කළා. . ජනතාව…

Read More

කාබනිකව අස්වැද්දූ නාඩු වී 100 ට ගන්නවා!

කාබනික පොහොර යොදා වගා කරන නාඩු වී කිලෝවක් රුපියල් 100 කට මිලට ගැනීමට රජය සූදානම් බව බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. මේ වන විටත් නාඩු වී කිලෝව රුපියල් 80ක් ද සම්බා වී කිලෝව රු.100ක් හා කිරී සම්බා වී කිලෝව රු.125කට මිලදී ගැනීමට ව්‍යාපාරකයින් පෙළඹි සිටින බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය . මේ දිනවල රටපුරා රට පුරා උද්ඝෝෂණ කෙරුණත් ඒවායේ ඉන්නේ සැබෑ ගොවීන් නොමැති බව කී අලුත්ගමගේ මහතා හොඳ මිලක් ගෙවා ගොවීන්ගේ නිෂ්පාදන මිල දී ගන්නවා සේම කාබනික වගාවෙන් පාඩුවක් වුණොත් එහි වන්දිය ගෙවීමට රජය සූදානමින් සිටින බවද සඳහන් කළේය.…

Read More

සතොසෙන් පැවැති මිලටම සීනි දිගටම!

රජය සීනි පාලන මිල ඉවත් කළ ද සතොස පැවැති මිලටම සීනි තව දුරටත් අළෙවි කරන බව තොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා  පැවසීය සීනි පැවැති මිලට තව දුරටත් අළෙවි කරන ලෙස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් දී ඇති බව කී රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා සුදු සීනි කිලෝවක් රුපියල් 122 කට සහ දුඹුරු සීනි කිලෝවක් රුපියල් 125 කට අළෙවි කරන බව ද සඳහන් කළේය. වරායෙන් ලබාගත් සුදු සීනි මෙටි්‍රක්ටොන් දහසකට වැඩි තොගයක් ඉදිරි දින කීපයේදී සතොස වෙළෙඳසල්වලට ලබාදීමට නියමිත බවත් ආනන්ද පීරිස් මහතා වැඩි දුරටත් කීය.

Read More

දේශගුණික සමුළුවේදී බයිඩන් නිදි කිරයි!

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ‘කොප්26’ (COP26) සමුළුව සහභාගී වී, රාජ්‍ය නායකයන්ගේ දේශන අසා සිටිද්දී, ජනාධිපති බයිඩන් නිදි කිරා වැටෙන අයුරු ද ඇමෙරිකාවේ සී.එන්.එන්. පුවත් නාළිකාව ප්‍රසිද්ධියට පත් කර ඇත. පසුගිය පළමු වැනිදා ආරම්භ වුණු ‘කොප්26’ සමුළුව ලබන නොවැම්බර් 14 වැනිදා තෙක් පැවැත්වෙයි. රාජ්‍ය නායකයන් වෙනුවෙන් සමුළුවේ පළමු දින දෙක වෙන් වී තිබුණි. ජනාධිපති බයිඩන් ‘කොප්26’ (COP26) සමුළුව ඇමැතුවේ ඊයේ (2) ය. සමුළුව අමතමින්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, චීන ජනාධිපති ෂී ජින්පින්ට සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට දොස් නැගුවේය. ඒ, ඔවුන් දෙදෙනා සමුළුවට සහභාගී නොවීම සම්බන්ධයෙනි. එක්සත් ජාතීන්ගේ ‘කොප්26’ සමුළුව…

Read More

ප්‍රදේශ කිහිපයක කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක්!

ප්‍රදේශ කිහිපයක කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.  ඒ හේතුවෙන් කොවිඩ් ආසාදිතයින් හදුනාගැනීම සඳහා සිදු කෙරෙන පරීක්ෂණ වැඩි කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත්තේ. 

Read More