“අරගලයට පියවරු රොත්තක්” නිර්පාක්ෂික අපක්ෂපාති බෝඩ් ලෑලි ගැලවෙයි!

රජයට එරෙහිව නිර්පාක්ෂික සාමකාමී අරගලයක් කියාගත් විරෝධතාවයන් රට පුරා ආරම්භ වූ අතර පසුගිය 3 වනදා එය පැවැත්වීමට තිබුනත් එදිනට පැනවූ ඇඳිරිනීතිය හේතුවෙන් ඊට පසුදා සිට එම විරෝධතා විවිධ ප්‍රදේශවලදී පවත්වනවා. නිර්පාක්ෂික ලේබලයෙන් ආරම්භ වුවත් මේ වනවිට එම විරෝධතා දේශපාලන පක්ෂ මගින් මෙහෙයවන බවට සාක්ෂි සහිතව තොරතුරු අනාවරණය වී ඇති අතර එහි නිර්මාතෘවරුන් බව කියමින් ජවිපෙ හා පෙරටුගාමින් සටනක නිරත වන බවට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ වාර්තා වනවා. එසේ පළවූ පළකිරීම් කිහිපයක් පහතින්…

Read More

නව මහ බැංකු අධිපති හා භාණ්ඩාගාර ලේකම් මෙන්න!

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන මහතා පත්කර තිබේ. අදාළ පත්වීම් ලිපි අද (07) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම නිලධාරීන් වෙත භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. මූල්‍ය ක්ෂේත්‍රයේ හසළ අත්දැකීමක් ඇති ආචාර්ය වීරසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ, සහකාර අධිපති සහ ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති යන ධුර හොබවා තිබේ. නන්දලාල් වීරසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා පශ්චාත් උපාධිය සඳහා බාහිර කථිකාචාර්යවරයෙකු සහ මැලේසියාවේ සියසන් මධ්‍යස්ථානයේ බාහිර…

Read More

රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් වැටුපට බිලියන 123 ක් ගෙවයි!

ඊයේ (06) දිනය වන විට රජයේ සේවකයින්ගේ වැටුප් ගෙවීම සඳහා රු. බිලියන 123 ක් නිදහස් කර ඇති බවත්, වැටුප් පමණක් නොව උත්සව අත්තිකාරම් ගෙවීමට ද එහි දී පියවර ගත් බවත් හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. අද (07) දින පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේය. එසේම අද දිනයේ දී වැටුප් ගෙවීම සඳහා තවත් රු. බිලියන 13 ක් නිදහස් කිරීමට කටයුතු කරන බව ද ඔහු මෙහිදී අනාවරණය කළේය. ඊයේ වෙනකොට කතාවක් තිබුණා අපි පඩිය ගෙවන්නේ නැහැ කියලා. ඊයේ වෙනකොට බිලියන 123 ක් ගෙවලා, පඩිය විතරක් නෙමෙයි, festival advance එකත් ගෙවලයි…

Read More